Skip to main content

උපත් පාලන කොපු පටුන ඉතිහාසය සෞඛ්‍යමය භාවිතයන් වර්ගීකරණය සමාජය හා සංස්කෘතිය පර්යේෂණ මූලාශ්‍ර සංචාලන මෙනුව"Male Condom"Contraceptive Technology

ලිංගික සංසර්ගය












උපත් පාලන කොපු




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search
















උපත් පාලන කොපු

Condom rolled.jpg
A rolled-up condom

Background
උපත් පාලන ක්‍රමය
Barrier
First use
පුරාතන
රබර්: 1855
ලැටෙක්ස්: 1920
පොලියුරෙතේන්: 1994
ගර්භනීභාවය rates (first year, latex)
Perfect use
2%
Typical use
10–18%
Usage
User reminders
Latex condoms damaged by oil-based lubricants
වාසි සහ අවාසි
STD protection
Yes
Benefits
No medications or clinic visits required

උපත් පාලන කොපු යනු ලිංගික සංසර්ගය යේ දී මෝචනය වන ශුක්‍රාණු ස්ත්‍රියගේ යොනි මාර්ගයට ඇතුල් වීම වළක්වා ලීම මගින් අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වාලීමට හා ලිංගිකව සම්ප්‍රේශනයවන රෝග කාරක වෛරස පැතිරීම වළක්වා ලීමටත් යොදා ගන්නා රබර් ඇසුරෙන් සාදා ගන්නා ආවරණයකි.මෙම උපත් පාලන කොපු පැළදීම මගින් බොහෝ ලිංගිකව සම්ප්‍රේනය රෝග වලින් ආරක්ෂා විය හැකිය.මෙම කොපු ජල පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි.


නූතනයේ දී උපත්පාලන කොපු රබර් ආශ්‍රීත අමු ද්‍රව්‍ය මගින් නිපදවයි. පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද භාවිත කලහැකි උපත් පාලන කොපු පවතී බොහෝවිට මේවා පොලියුරෙතේන්වලින් නිර්මාණය කෙරේ. නම් මූලද්‍රව්‍ය ඇසුරින් නිපදවයි මෙමගින් අනව්‍ය ගැබ් ගැනීම් වැළැක්වීම හා ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග රැසකින් ආරක්ෂාවිය හැක[1][2] නිවැරදි ආකාරයෙන් පැළදූ උපත් පාලන කොපුවත් සහිතව ලිංගික සංසර්ගයේ යෙදීමේ දී ගැබ්ගැනීමක් සිදුවීමේ සම්භාවිතාවඉතා අඩුය.[3]


උපත් පාලන කොපු භාවිතයේ ඉතිහාසය වසර 400 දක්වා ඈතට දිවයයි.[4] 19 වන සියවසයේ සිට මෙය ගැබ්ගැනීම් වළක්වන ක්‍රමයක් ලෙස ප්‍රචලිතය.[5] නමුත් වර්තමානයේ උපත් පාලන කොපු භාවිතය පිළිබද විවිධ මතභේද පවතී ඇතැම් ආගමික කණ්ඩායම් මෙහිදී ප්‍රධානය.




පටුන





  • 1 ඉතිහාසය

    • 1.1 19 වන සියවසයට පෙර


    • 1.2 1800 සිට 1920 දක්වා


    • 1.3 රබර් උපත් පාලන කොපු


    • 1.4 1930 සිට අද දක්වා



  • 2 සෞඛ්‍යමය භාවිතයන්

    • 2.1 උපත් පාලනය


    • 2.2 ලිංගික රෝග



  • 3 වර්ගීකරණය


  • 4 සමාජය හා සංස්කෘතිය


  • 5 පර්යේෂණ


  • 6 මූලාශ්‍ර




ඉතිහාසය




උපත් පාලන කොපු පිළිබඳව ලියැවුන පැරණිතම ලිඛිත මූලාශ්‍රය ලෙස සැළකෙන 1564 දී ගාබ්‍රිෙල් පැපිලෝ විසින් රචිත ලේඛනය.එවක පැවති උපදංශය නැමැති ලිංගාශ්‍රිතව බෝවන රෝගයට පිළිමක් ලෙස මෙය ඉදිරිපත් කැරිණි



19 වන සියවසයට පෙර


ඉතා ඈත අතීතයේ දී පවා අනවශ්‍ය ගැබ්ගැනීම් වැලැක්වීම සදහා උපත් පාලන කොපු භාවිත කර ඇතිබව ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් තර්ක කරති.[6] අතීත ඊජිත්තුව ග්‍රීසිය සහ රෝමය යන ශිෂ්ටාචාරවල ගැබ් ගැනීම් වැළැක්වීම සදහා උපාංගයක් භාවිත කරඇත.[7] 15 වන සියවසට පෙර ආසියාවේ ජනයාද ගැබ්ගැනීම් වැළැක්වීම සදහා ලිංගික සංසර්ගයේ දී පුරුෂ ලිංගය ආවරණය වනසේ තෙල් ගැල්වූ සිල්ක් දෙරි කැබැල්ලක් සත්ව අතුණුබහනුවක කොටසක් ඉබි කටුවකින් හෝ සත්ව අගකින් සකසාගත් උපාංගයක් භාවිත කරඇත.[8]


16 වන සියවස දී ගැබ්‍රිලේ ෆැලෝපියෝ නම් ඉතාලි ජාතිකයා මුල්වරට උපදංශය පිළිබද පොතක් ලිවීය.[4] උපදංශය පිළිබද මුල් ලියමනක් 1490 දී ලියැවී ඇති එහි දැක්වෙන ආතාරයට ඇතමුන් මෙම රෝගයෙන් මියගිය බවත් දැක්වේ.[9][10] ෆැලෝපියෝගේ මෙම කෘතිය මුල්ම උපත් පාලන කොපු භාවිතය පිළිබදව ලියැවුන කෘතියයි.මෙම කෘතියේදී ලිනන් වලින් සෑදූ කොපුවක් රසායනික ද්‍රව්‍යයක ගිල්වා වේලෙන්නට තබා එම කොපුවෙන් ශිශ්නය ආවරණය කරගෙන සංසර්ගයේ යෙදීම සිදුකලයුතු බව පෙන්වාදී ඇත.එමගින් උපදංශය බෝවීම වළක්වාගත හැකිබවත් පෙන්වා දෙයි.


මේ සමග ලිංගිකව සංප්‍රේෂණය වන රෝග වළක්වා ගැනීමට ශීශ්නය ආවරණය වනසේ සැකසුන විවිධ නිර්මාණයන් යුරෝපය පුරා බිහිවිය.මෙමගින් ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීමට හා අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වා ගැනීමට ඔවුන්ට හැකිවිය.පසුව මෙම උපත් පාලන ක්‍රම වළට විරුද්ධව ආගමික සංවිධාන ක්‍රියාත්මකවිය.මෙම ආගමික මැදිහත්වීම් මගින් ඇතිවූ විරෝධය ප්‍රබල බලපෑමක් එවක යුරෝපා සමාජයට ඇතිවිය.දඩුවම දෝෂාරෝපණය පරිභවය යන අදහස දෙන condemn යන වචනයෙන් condom යන වචනය බිහිවිය.


රෙදි වලින් සෑදූ උපත් පාලන කොපු භාවිතය නිසා සත්ව අතුනු බහන් වලින් නිෂ්පාදනය කළ කොපු භාවිතයෙන් ඉවත්විය.දහසයවන සියවසයේදී සම්වලින් නිෂ්පාදිත උපත් පාලන කොපු හඳුන්වා දුන්හ.රෙදි වලින් සැකසූ උපත් පාලන කොපු මුළු ශිශ්නයම අවරණය කලහැකි සේ සකසා තිබිණ.


මෙම උපත් පාලන කොපු මගින් ගැබ්ගැනීම වළැක්වීම හා අනාචාරයන් සිදු කිරීමට නොබියව ඉදිරිපත්වීමේ හැකියාවත් ආගමික සංවිධානවල දැඩි විවේචනයට ලක්විය.තවද එකල පැවති උපත් පාලන කොපුවල පැවති දුර්වලතා නිසා ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තිය එමගින් සම්පූර්ණයෙන්ම පාලනය කරගත නොහැකිබව වෛද්‍යවරු පෙන්වා දුන්හ.


18වන සියවසයෙන් පසු උපත් පාලන කොපු භාවිතය හා සම්බන්ද වෙළඳපොළ සීඝ්‍රයෙන් වර්ධනය විය.රසායනික ද්‍රව්‍ය පෙඟවා රෙදි වලින් සැකසූ උපත් පාලන කොපු විවිධ වර්ණයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් වෙළඳපොළට පැමිණියේය.මෙයට යුරේපය පුරා පැවති වඩවසම් පාලනය බිඳවැටී ධනවාදී අර්ථ ක්‍රමය බිහිවීමත්.ආගම අභිබව විද්‍යාව මුල්තැන ගැනීමත් නිසා සිදුවිය.පසුව මෙම උපත් පාලන කොපු ඇමරිකාව හා වෙනත් ධනවත් රටවල් කරාද ව්‍යාප්තවිය.මධ්‍යම හා ඉහළ පැලැන්තිවල ජනයාගෙන් මේවාට හොද ඉල්ලුමක් ලැබිණ.කෙසේ වෙතත් ඉහළ හා මධ්‍යම පාන්තික ජනයා අතර ලිංගිකව පැතිරෙන රෝග ව්‍යාප්තිය අඩු උවද ඊට සාපේක්ෂව පහළ පංතිවල ජනයා අතර රෝග ව්‍යාප්තීන් පෙර පරිදි සිදුවිය



1800 සිට 1920 දක්වා


දහනමවන සියවසයේදී ප්‍රථම වරට දුප්පත් ජනයා අතරද උපත් පාලන කොපු ජනප්‍රිය කිරීමට කටයුතු කරන ලදී.මෙහිදී වැඩි අවධානය යොමුවූයේ උපත් පාලනය සදහාය.මෙක ජනගහනය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවති කාලයකි. ඇතැම් ස්ත්‍රිවාදීන් මෙය පුරුෂයන්ට පමණක් පළදින උපත් පාලන ක්‍රමයක් බවින් ඒ ගැන සැකමුසු අදහස් පළකලෝය.පුරුෂයන් පළදින උපත් පාලන කොපු වෙනුවට ස්ත්‍රීන් සදහා භාවිත කලහැකි ශ්‍රක්‍රාණු නාශක උපක්‍රම හදුන්වා දියයුතු බව ඔවුන් තර්ක කළහ.එසේම උපත් පාලන කොපුව වරක් භාවිත කලපසු එය ඉවත් කිරීමට සිදුවේ.නැවන නැවන භාවිත කල නොහැක..එහෙත් ලිංගාශ්‍රිත රෝග පැතිරීම වැළැක්වීමට ඉතා හොද ප්‍රතිකර්මයකි.


ඇතැම් රටවල් උපත් පාලන ක්‍රම පිළිබද විවිධ කීතිරීති පනවන ලදී.උපත් පාලන කොපු මහජනයා අතර ජනප්‍රිය කිරීමට විවිධ පියවර ගන්නා ලදී.ඇමරිකාව හා යුරෝපා රටවල නිවසේදීම සාදාගතහැකි උපත් පාලන කොපු පිළිබද දැනුවත් කළහ.


ඇමරිකානු සිවිල් යුද්ධ සමය ආරම්භවීමත් සමග රටපුරා ලිංගික රෝග පිළිබද දැනුවත් කිරීම් වැඩිවිය.පළමු වරට ලිංගික ආධ්‍යාපනය සදහා පොදු පාසැල් තුල පංති ඇරඹීය.මෙමගින් ලිංගිකව සංප්‍රේෂණයවන රෝග පිළබදව දැනුමක් දබාදුන්හ.මෙමගින් උපත් පාලන කොපු ප්‍රවර්ධනයක් සිදු නොකල අතර බහු සහකරු සේවනය ප්‍රතික්ෂේප කිරීමට උපදෙස් දුන්හ.එක් අයකු සමග පමණක් ලිංගිකව එක්වීම සුදුසු බව පෙන්වා දුන්හ.ලිංගික අනාචාරයට විරුද්ධව දැඩි දඩුවම් දුන්හ.උපදංශ රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇතැම් රෝහල් ප්‍රතික්ෂේප කළහ.කෙසේ වෙතත් මෙම ක්‍රමය එතරම් සාර්ථක විසදුමක් නොවීය.අවසානයේ ඇමරිකාවටද විසිවන සියවසයෙන් පසු උපත් පාලන කොපු භාවිතයේ වැදගත්කම අවබෝධවිය.ඔවුන් විසිවන ශතවර්ෂයේ පටන් උපත් පාලන කොපු වලට යොමුවීම සිදුවිය.


පළමු වරට උපත් පාලන කොපු ලිංගිකව සංප්‍රේෂණයවන රෝග වැළැක්වීමට යොදා ගත්තේ ජර්මානු හමුදාව විසිණි.පසුව පළමුවන ලෝක යුධ සමයෙදී සෑම බටහිර යුරෝපා ජාතීන්ම ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග වැළැක්වීමට උපත් පාලන කොපු භාවිතය සිදු කළහ.මෙමගින් ලිංගික රෝග ව්‍යාප්තිය අඩුකර ගැනීමට ඔවුන්ට හැකිවිය.



රබර් උපත් පාලන කොපු


1839 දී චාර්ස් ගුඩ්යර් නම් විද්‍යාඥයා විසින් ස්වාභාවික රබර් නිෂ්පාදනය කරන ආකාරය සොයාහත්තේය.මෙම රබර් වලට තවදුරටත් තාපය ලබාදීමෙන් ඒවා මෘදු හා ඇදෙනසුසු බවට පත්කළහැකි බව සොයාගත්හ.මෙම සොයාගැනීම් රබර් උපත් පාලන කොපු නිපදවීමට පදනම සැකසීය.මීට පෙර පැවති බැටළු අතුණු බහන්වලින් නිෂ්පාදිත උපත් පාලන කොපු වලට වඩා උසස් නිමාවුමක් ලෙස මෙය වෙළද පොලට ඉදිරිපත් කරන ලදී.මෙම රබර් උපත් පාලන කොපු සතු ඇදෙන සුළු බව නිසා ශිශ්නයේ ප්‍රමාණයට අනුවම උපත් පාලන කොපු තොරා ගැනීම අනවශ්‍ය විය.මේවා ඉක්මනින් ඉරීයෑමක්ද සිදු නොවුනි.1855 දී මුල්වරට රබර් වලින් නිෂ්පාදිත උපත් පාලන කොපු වෙළදපලට ඉදිරිපත් කැරිණි.මුල් යුගයේ වෙළද පොළට පැමිනි මෙම උපත් පාලන කොපු තරමක් ඝනකමින් වැඩිවිය.රබර් මුදුවද තදින් වැඩිවිය.එමනිසා මෙම උපත් පාලන කොපු භාවිත කිරීමේදී අපහසුතා ඇතිවන බව පැමිණිලි ලැබිණ.


පසුව මෙම උපත් පාලන කොපු මෘදුව හා ශක්තිමත්ව නිපදවීමට හැකිවිය.මුල් යුගයේදී උපත් පාලන කොපු නිපදවීම කම්කරුවන් විසින් සිදු කලද පසුව මේ සදහා ස්වංක්‍රීය යන්ත්‍ර නිර්මාණය කැරිණි.



1930 සිට අද දක්වා


දෙවන ලෝක යුද සමයේදී බහුවල පැතිරී ගිය සුදු බිංදුම (ගොනෝරියාව) හා උපදංශය වළක්වා ගැනීම සදහා උපත් පාලන කොපු ජනප්‍රිය කරවීමට රාජ්‍යයන් පියවර ගත්හ.පුවත්පත් දැන්වීම්,දේශන,චිත්‍රපට ආදිය මේ සදහා යොදාගත්හ.ලෝක යුධ සමයෙන් පසු උපත් පාලන ක්‍රමයක් ලෙස මේවා භාවිතය ඉහල ගියේය.කෙසේ වෙතත් 1960 වසරෙන් පමණ පසුව උපත් පාලන පෙති වඩා ජනප්‍රියවීම සිදුවිය.එහෙත් උපත් පාලන කොපු දෙවන ප්‍රධානතම උපත් පාලන ක්‍රමය ලෙස තවදුරටත් පැවතිණ.ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවලද උපත් පාලන කොපු ජනප්‍රිය කිරීමට පියවර ගත්හ.ජනගහන වර්ධනය ඉතා වැඩි සංවර්ධනය වෙමින් පවතින රටවල් පවුල් සැළසුම් ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු භාවිතය සිදු කළහ.


1980 දශකය වනවිට එඩ්ස් රෝගය ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ඇරඹී තිබිණ.මෙම රෝගය ව්‍යාප්තිය වැළැක්වීමට ඉතා සාර්ථක ක්‍රමවේදයක් ලෙස උපත් පාලන කොපු යොදාගතහැකිබව පර්යේෂකයන් පෙන්වාදුන්හ.මෙම මාරාන්තික රෝග ව්‍යාප්තිය හමුවේ ආගමික මතවාද තුල ගිලී සිටි සංස්කෘතීන් පවා උපත් පාලන කොපු භාවිතයේ වැදගත්කම හදුනාගත්හ.මාරාන්තික එ්ඩ්ස් ව්‍යාප්තිය පාලනය කරගැනීමට උපත් පාලන කොපු භාවිතය ඉතා හොද රුකුලක්විය.



සෞඛ්‍යමය භාවිතයන්



උපත් පාලනය


උපත් පාලනය සදහා ඉතා සාර්ථක හා ආරක්ෂාකාරී හා සෞඛමය අවදානම් අඩු ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු යොදාගත හැකිය.සංසර්ගයේදී ශිශ්නයෙන් පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගයට ගමන් කිරීම වැළැක්වීම මගින් ගැබ් ගැනීම් වැළැක්වීම මෙහිදී සිදුවේ.ජනගහණය වර්ධනය සීමා කිරීම, අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීම,පවුල් සැළසුම් ක්‍රමයක් ලෙස හා අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීමට ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස උපත් පාලන කොපු යොදා ගනී.



ලිංගික රෝග


උපත් පාලන කොපු භාවිතය මගින් ලිංගික රෝග බොහෝමයක් ව්‍යප්තවීම වළක්වා ගත හැකිය.ඒ අතර මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය,මානව පැපිලෝමා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම ලිංගික ඉන්නන්,සුදු බිංදුම,උපදංශය,ලැමිඩියා,හර්ෆිස් වැනි බොහෝ ලිංගික රෝග රැසකින් ආරක්ෂාවීමට උපත් පාලන කොපු පැළඳීම මගින් සිදුකලහැක.



වර්ගීකරණය



සමාජය හා සංස්කෘතිය



පර්යේෂණ



මූලාශ්‍ර



  1. "Male Condom". Feminist Women's Health Center. October 18, 2007. සම්ප්‍රවේශය 2007-11-19. 


  2. Lua දෝෂය in Module:Citation/CS1 at line 3565: bad argument #1 to 'pairs' (table expected, got nil).


  3. Hatcher, RA; Trussel J, Stewart F, et al (2000). Contraceptive Technology (18th Edition සංස්.). New York: Ardent Media. ISBN 0-9664902-6-6. http://www.contraceptivetechnology.com/table.html. 


  4. 4.04.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය;
    collierFallopio නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි



  5. Collier, pp.173-174


  6. Collier, p.11


  7. Collier, pp.17,23


  8. Collier, pp.60-61


  9. Oriel, J.D. (1994). The Scars of Venus: A History of Venereology. London: Springer-Verlag. ISBN 0-387-19844-X. 


  10. Diamond, Jared (1997). Guns, Germs and Steel. New York: W.W. Norton. පිටු 210. ISBN 0-393-03891-2. 




"https://si.wikipedia.org/w/index.php?title=උපත්_පාලන_කොපු&oldid=420750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි










සංචාලන මෙනුව


























(window.RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.168","walltime":"0.222","ppvisitednodes":"value":2205,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":17835,"limit":2097152,"templateargumentsize":"value":3409,"limit":2097152,"expansiondepth":"value":13,"limit":40,"expensivefunctioncount":"value":0,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":1155,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 197.225 1 -total"," 31.09% 61.323 2 සැකිල්ල:Cite_web"," 25.71% 50.703 3 සැකිල්ල:Cite_book"," 25.20% 49.691 1 සැකිල්ල:Infobox_Birth_control"," 23.18% 45.725 1 සැකිල්ල:Infobox"," 21.71% 42.822 3 සැකිල්ල:උපහරණ/අරටුව"," 5.95% 11.730 3 සැකිල්ල:Citation/identifier"," 2.08% 4.099 3 සැකිල්ල:Citation/make_link"," 1.97% 3.889 6 සැකිල්ල:Hide_in_print"," 1.50% 2.950 1 සැකිල්ල:Px"],"scribunto":"limitreport-timeusage":"value":"0.038","limit":"10.000","limitreport-memusage":"value":1484481,"limit":52428800,"cachereport":"origin":"mw1336","timestamp":"20190327071800","ttl":2592000,"transientcontent":false);mw.config.set("wgBackendResponseTime":110,"wgHostname":"mw1241"););

Popular posts from this blog

Canceling a color specificationRandomly assigning color to Graphics3D objects?Default color for Filling in Mathematica 9Coloring specific elements of sets with a prime modified order in an array plotHow to pick a color differing significantly from the colors already in a given color list?Detection of the text colorColor numbers based on their valueCan color schemes for use with ColorData include opacity specification?My dynamic color schemes

Invision Community Contents History See also References External links Navigation menuProprietaryinvisioncommunity.comIPS Community ForumsIPS Community Forumsthis blog entry"License Changes, IP.Board 3.4, and the Future""Interview -- Matt Mecham of Ibforums""CEO Invision Power Board, Matt Mecham Is a Liar, Thief!"IPB License Explanation 1.3, 1.3.1, 2.0, and 2.1ArchivedSecurity Fixes, Updates And Enhancements For IPB 1.3.1Archived"New Demo Accounts - Invision Power Services"the original"New Default Skin"the original"Invision Power Board 3.0.0 and Applications Released"the original"Archived copy"the original"Perpetual licenses being done away with""Release Notes - Invision Power Services""Introducing: IPS Community Suite 4!"Invision Community Release Notes

François Viète Contents Biography Work and thought Bibliography See also Notes Further reading External links Navigation menup. 21Google Bookspp. 75–77Google BooksDe thou (from University of Saint Andrews)ArchivedGoogle BooksGoogle BooksGoogle BooksGoogle booksGoogle Bookscc-parthenay.frL'histoire universelle (fr)Universal History (en)ArchivedAdsabs.harvard.eduPagesperso-orange.frArchive.orgChikara Sasaki. Descartes' mathematical thought p.259Google BooksGoogle BooksGoogle Bookspp. 152 and onwardGoogle BooksGoogle BooksScribd.comGoogle Books1257-7979Google BooksGoogle BooksGoogle BooksGoogle BooksGoogle BooksGoogle BooksGallica.bnf.frGoogle BooksGoogle Books"François Viète"Francois Viète: Father of Modern Algebraic NotationThe Lawyer and the GamblerAbout TarporleySite de Jean-Paul GuichardL'algèbre nouvelle"About the Harmonicon"cb120511976(data)1188044800000 0001 0913 5903n82164680ola2013766880073431702w6vt1sb70287374827140948071409480